01. Advance Diploma
මෙහිදී උසස් පෙළට 3s වලින් විතරක් apply කරන්න පුළුවන් නමුත් visa process එකේදී හා AIC එකේදී mark කරනවා අඩු සුදුසු කමක් විදිහට ඒ නිසා මේකට apply කරන්න (2c ,1s) තියෙන්න ඕනේ.වයස අවු.30 වෙනකන් apply කරන්න පුළුවන්.
2. Bachelor
මෙහිදී ද උසස් පෙලට 3s වලින් විතරක් apply කරන්න පුළුවන් නමුත් visa process එකේදී හා AIC එකේදී mark කරනවා අඩු සුදුසු කමක් විදිහට ඒ නිසා මේකට apply කරන්න (2c ,1s) තියෙන්න ඕනේ.වයස අවු.26 වෙනකන් apply කරන්න පුළුවන්. සමහර university වල ( Turiba, RTU) වයස අවු.25 වෙනකන් විතරයි Apply කරන්න පුළුවන්.
03. Master
මෙහිදී උසස් පෙළ සමත් විය යුතුයි (2c,1s), Bachelor certificate එකට ලකුණු 60% කට වඩා තිබිය යුතුයි.වයස අවු.33 වෙනකන් apply කරන්න පුළුවන්. සමහර university වල වයස අවු.30 වෙනකන් විතරයි Apply කරන්න පුළුවන්.
04. PHD
මෙහිදී උසස් පෙළ සමත් විය යුතුයි (2c,1s), Bachelor certificate එකට ලකුණු 60% කට වඩා තිබිය යුතුයි.වයස අවු.50 වෙනකන් apply කරන්න පුළුවන්.
Latvia වල තමන්ට ගැලපෙන University එකක් හා Programmer එකක් select කර ගන්න විදිහ.
University එකක් හා Programmer එකක් select කර ගද්දි ලෝකේ දැනට තියෙන opportunities වගේම තමන්ගේ future ambition වලට ගැලපෙන programmer එකක් තොර ගන්න. University එකට apply කරද්දී University එකේ website එකට ගිහින් direct apply කරන්නත් පුළුවන්(එකේදී තමන්ට ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඒ වගේම එහි අවදානමකුත් තියනවා) නැතිනම් agent කෙනෙක් හරහා apply කරන්නත් පුළුවන්.
Riga Technical University (RTU)
Technical field එකේ course එකක් තෝර ගන්නවා නම් මේක හොද university එකක්.මේ University එකේ Bachelor, Master දෙකටම program තියනවා.
Turiba University / EKA University
Computer System, Tourism and Hospitality Management, Business Management වගේ courses තෝර ගන්නවා නම් මේ university’s තමයි හොද.මේ University’s වල Bachelor, Master දෙකටම program තියනවා
Latvia වල course fee එක සාමාන්‍යන් අඩුයි. Course fee එක අවුරුද්දකට Euro 2000 (ලක්ෂ 8) වගේ ගානකට University එකකට apply කරන්න පුළුවන්.අවුරුද්දක course fee එකට අමතරව application fee එකත් ගෙවන්න ඕනේ.

