🤙 011 7 921 100

යුරෝපයට Apply කරන්න පුළුවන් Visa Category

A. Airport Transit Visa

යුරෝපයට ගිහින් ඒ airport එකෙන්ම වෙන flight එකකට මාරු වෙනවා නම් හෝ වෙන airport එකකින් හෝ terminal එකෙන් එලියට ගිහිල්ල රට අතුලට ගිහිල්ල හෝ පැය 24ක් ඇතුලත තව flight එකක් ගන්නවා නම් මේ category එක තමයි apply කරන්න ඕන.

B. Short Stay Visa

යුරෝපයට ගිහින් දවස් 5ක් වගේ ඉන්න නම් මේ category එක තමයි apply කරන්න ඕනේ .(විශේෂයෙන්ම මාද්‍යවේදීන්ට වගේ දවස් 5ක event එකක් cover කරන්න වගේ තමයි මේ category එක තිබ්බේ ) දැන් මේ category එක replace කරලා තියෙන්නේ type c එකත් එක්ක.

C. Short Stay Visa

එක වාරයකට දවස් 90කට අඩු කාලයක් ඉන්න visa එකක්.මේ visa එකේ කොටස් 3යි.

01. Singal Entry
යුරෝපයට ගිහින් දවස් 90ම ඉන්නව නම් යුරෝපයෙන් exit වෙන්න බෑ. ඒ දවස් 90ම යුරෝපය ඇතුලේ ඉන්න ඕනේ මේ category එකේදී.

02. Double Entry
Schengen region එකට දෙපාරක් ඇතුල් වෙන්න පුළුවන් මේ category එකේදී.

03. Multiple Entry
දවස් 90 ඇතුලත කැමති වාර ගණනක් enter වෙන්න exit වෙන්න පුළුවන් මේ category එකේදී.

S. National Long Stay Visa

යුරෝපයේ දවස් 90කට වඩා වැඩි කාලයක් ඉන්නවා නම් මේ category එක තමයි apply කරන්න ඕනේ. මේ visa category එක students visa යන අය, work කරන්න යන අය,ජීවත් වෙන්න යන අය (permanent residence / temporary residence) ඕනෑම කෙනෙක්ට apply කරන්න පුළුවන්. Visa එක Schengen හම්බුනට මේක national visa එකක්

(උදා.Latvia වල හම්බුනොත් Latvia වලින් තමයි national visa එක issue කරන්නේ)

මේ national visa එකත් එක්ක තව ලැබෙන වාසියක් තමයි දවස් 90ක් Schengen එකේ ඕනම රටකට ගිහින් එන්න පුළුවන් ඒ සදහා තව visa එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ visa එක ලංකාවෙන් apply කරද්දී තියන reason අනුව conditions වෙනස් වෙනවා.

(උදා.Latvia,Netherland,France වගේ රටක මේ category එකේදී residence permit එක ලංකාවේදී ගන්න බෑ. එතකොට මේ category එකට අපිට හම්බෙනවා entry visa එකක්. Entry visa එක VFS හරහා apply කරාම තියන condition අනුව දවස් 30කින් හෝ 90කින් ලැබෙනවා. ඊට පස්සේ අදාල රටට ගිහින් තමයි residence permit එක ගන්න පුළුවන් වෙන්නේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *