🤙 011 7 921 100

Passport එක ලේසියෙන්ම හදන්නේ මෙහෙමයි

පාස්පෝර්ට් ඔෆිස් එක තියෙන්නේ බත්තරමුල්ල සුහුරුපායේ, කොවිඩ් වලින් පස්සේ ප්‍රොසෙස් එක වෙනස් උනා ටිකක්. පහල තියෙනවා ගූගල් මැප් එකේ පින් කරපු ලොකේෂන් එක,

Google Maps Location

පාස්පෝර්ට් එක හදන්න ඕන කරන ලියකිවිලි ටික,

  1. උප්පැන්න සහතිකේ මුල් පිටපතක්.
  2. ජාතික හැදුනුම්පතේ photo කොපියක්.
  3. පාස්පෝර්ට් එක ගන්න ඕනේ කරන form එක.
  4. photo එක ගත්ත ස්ටුඩියෝ එකෙන් දෙන රිසිට් එක.

පාස්පෝර්ට් එක ගන්න ඕනේ කරන ෆෝම් එක සුහුරුපායෙන් ගන්නත් පුළුවන්, නැත්තම් ආගමන විගමන දෙපාර්මේන්තුවේ වෙබ්සයිට් එකෙන් ගන්නත් පුළුවන්. මේ වෙබ්සයිට් එකෙන්.

එහමත් නැත්තම් පාස්පෝර්ට් ඔෆිස් එකට ඇතුල්වෙන තැනම තියෙනවා ෆෝම්ස් එතනින් නොමිලේ ගන්නත් පුළුවන්. වැදගත්ම දේ තමයි ඉස්සර වගේ සාමවිනිසුරු කෙනෙක් ඕනේ වෙන්නේ නැ දැන් අපිටම ෆෝම් එක පුරවලා අදාල ඩොකියුමන්ට් එක්ක බාරදෙන්න පුළුවන්.

ස්ටුඩියෝ එකෙන් දෙන රිසිට් එක,

දැන් අලුත් ක්‍රමයට අපිට් ඕන ස්ටුඩියෝ එකකින් ෆොටෝස් අරගෙන යන්න බැහැ, පාස්පෝර්ට් දෙපාර්මේන්තුව අනුමත කරපු සිටුඩියෝ එකකින් ගන්න ඕනේ.

අපිට ෆොටෝ අරගෙන යන්න බැහැ, මොකද ස්ටුඩියෝ එකෙන් අපේ අතට ෆොටෝ දෙන්නේ නැ, කෙලින්ම ආගමන විගමන එකට අප්ලෝඩ් කරලා එකෙන් දෙන බාර් කෝඩ් එකක් ගහපු රිසිට් එකක් දෙන්නේ.

photo එකක් අරන් ආවේ නැත්තම් සුහුරුපාය අවට ඕන තරම් තියෙනවා දෙපර්මේන්තුවෙන් අනුමැත ස්ටුඩියෝ. එයින් එකකින් ෆොටෝ එකක් අරන් එවලේම ෆෝම් එකත් පුරවන්න පුළුවන්, ඩොලර් එක වැඩි වෙන්න කලින් නම් ෆොටෝ එක රුපියල් 500කට වගේ ගන්න පුළුවන් උනා. එහමත් නැත්තම් සුහුරුපාය ඇතුලෙම ෆොටෝ ගන්න තැනක් තියෙනවා ෆෝම් දෙන තැන එතැන නම් ගොඩක් පෝලිම එළියෙන් අරන් යන එක තමයි ලේසිම විදිහ.

ඕන කරන ඩොකියුමන්ට්ස් ලෑස්ති කරන් ෆෝම් එක බාර දෙන තැනට යමු.

මැදපෙරදිග රටවල් වලට විතරක් පාස්පෝර්ට් එක හදනවා නම්, පලවෙනි තට්ටුවේ තියෙන කවුන්ටර් එකට තමයි යන්න ඕනේ, සියලුම රටවල් නම් දෙවැනි තට්ටුවේ නගිනකොටම තියෙන කවුන්ටර් එකට යන්න. එතැනදී ස්ටුඩියෝ එකෙන් දීපු බාර් කෝඩ් එක ස්කෑන් කරලා රිසිට් එකක් දෙනවා. ඒ රිසිට් එකේ අංකයක් තියෙනවා. ඊට පස්සේ එතනම තියෙන ලොකු හෝල් එකකට යන්න කියයි. එක ඇතුලෙදි ඩොකියුමන්ට් බලලා අඩුපාඩු තියෙනවා නම් හදන්න කියයි. ඊට පස්සේ අර රිසිට් එකේ අංකයට කතා කරනකම් වාඩි වෙලා ඉන්න තියෙන්නේ, ලොකු පුළුල් තිරයක අංක දානවා.

දැන් ටික කාලෙකට කලින් පාස්පෝර්ට් හදපු අය කිව්වා මැදපෙරදිග රටවල් විතරක් දැන් දෙන්නේ නැ, all countries විතරයි දැන් හදන්න පුළුවන් කියලා. මේ ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා යන්න, කෝල් කරලා.

අපේ අංකය කතා කලාම තව ඇතුලේ තියෙන හෝල් එකකට එන්න කියනවා. එක ඇතුලෙදි (finger print ) ඇගිලි සලකුණක් එකක් ගන්නවා.

ඊට පස්සේ සල්ලි ගෙවන්න ඕනේ,

සාමාන්‍ය සේවා සහ එක්දින සේවා කියලා දෙකක් තියෙනවා,

  1. එක්දින සේවා එකට ඩොලර් එක වැඩි වෙන්න කලින් රුපියල් 15,000ක් වගේ යනවා. දැන් නම් වැඩි ඇති එකට කෝල් කරලා දැනුවත් වෙලා යන්න.
  2. සාමාන්‍ය සේවාව ඩොලර් එක වැඩි වෙන්න කලින් රුපියල් 3500ක් වගේ, මේ ගැන කෝල් කරලා දැනුවත් වෙලා යන්න.

සල්ලි ගෙව්වට පස්සේ රිසිට් එකක් දෙනවා. සාමාන්යෙන් සති 2 – 4 ඇතුලත පාස්පෝර්ට් එක ගෙදරටම එනවා.

සාමාන්‍ය එකෙන් ගන්නවා නම් මුලින්ම වෙබ්සයිට් එකෙන් ගිහින් ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න එතකොට ඔයාට යන්න ඕනේ දිනයයි වෙලාවයි අපිට කියනවා. නැත්තම් බොරුවට රස්තියාදු වෙන්න වෙන්නේ.

වැඩිය රස්තියාදු නොවී කරගන්න ඕනේ නම් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා පුරවාගෙන ෆොටෝ එකත් ලග තියෙන ස්ටුඩියෝ එකකින් අරගෙන යන්න. අනික ජොබ් එක වගේ දේවල් දානවා නම් තව අවශ්‍ය ලියකිවිලි තියෙනවා.

උදාහරණයක් විදිහට,

ඔයා සොෆ්ටෙයාර් ඉන්ජිනියර් කෙනෙක් නම් තමන්ගේ ජොබ් එක කරන ඔෆිස් එකෙන් ලියුමක් සහ degree එකේ certificate එකේ කොපියක් වගේම ඔරිජිනල් එකත් අරගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *